විභාග ප‍්‍රථිඵල අත්හිටුවයි?



දිස්ත‍්‍රික් හා ජාතික මට්ටමේ ශ්‍රේණිගත කිරීම් වල ඇතිවී ඇති පරස්පරතාවයක් හේතුවෙන් එම ශ්‍රේණිගත කිරීම් නිකුත් කිරීම තාවකාලිකව අත්හිටවූ බව විභාග දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටී. 2011 උසස් පෙල ප‍්‍රථිපල ඊයේ රාත‍්‍රියේ නිකුත් කලද එම ප‍්‍රථිපල දෝෂ සහිත බව පාර්ශ්ව ගණනාවක් විසින් චෝදනා එල්ල කලේය.
කෙසේ වුවද සමස්ත උසස් පෙළ ප්‍රතිඵල හෝ Z-score අගයෙහි කිසිදු වෙනසක් සිදුනොවන බව අධ්‍යාපන අමාත්‍යංශය කියා සිටී.මේ සම්බන්ධයෙන් අදහස් දක්වන උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසන්නේ  ඊයේ රාත‍්‍රී නිකුත් කළ උසස්පෙළ ප‍්‍රතිඵලවල දිස්ත‍්‍රික්ක හා දිවයිනේ ස්ථාන අගයන් පරිගණක දෝෂ නිසා වැරදී ඇති බවත් එය සකසා නැවත ඉදිරිපත් කරන බවත් ය.

facebook වල Auto share වෙන VIRUS නැවත්වීම.

මේ වගේ post හැමතැනම තියෙනවා දකින්න ඇතිනේ. ඒවා බොරු spam කියලත් දැනටම දන්නවා ඇතිනේ. ඒක post කරලා තියෙන කෙනා share කල එකකුත් නෙවේ. ඉබේම පල වුන එකක්. ඒක නවතින්නෙත් නෑ දිගටම share වෙනවා. ඉතින් මේ විදියට ඒක හැමෝගෙම profile වලට බෝවීගෙන යනවා.
පුළුවන් නම් මේකට solution එකක් හොයල දෙන්න කියල ගොඩක් අය මගෙන් ඉල්ලුව නිසා මමම ඕක test කරන්න තීරණේ කරා. මෙහෙම දෙයක් ෆේස්බුක් එකේ වෙන පලවෙනි වතාව නොවන නිසාත් මේ වගේ spam වල ක්‍රියාවලිය හරියටම දන්න නිසාත් මම අත්හදා බැලුව. පොඩි දෙයක් තියෙන්නේ.

මේක බෝ වෙන ආකාරය.
ඉවත් කරන ආකාරය.
නැවත මෙවැනි දෙයක් වීම වැලැක්වීම.

1. මේක බෝ වෙන ආකාරය.

මේ post එක profile වලට යන එකම ක්‍රමයයි තියෙන්නේ.
මෙහෙම පොස්ට් ඒකක් තියෙනවා දැක්කම video icon එකත් තියෙන නිසා හිතන්නේ video එකක් කියල. ඉතින් නිකමට play කරලා බලන්න ඒක උඩ click කරනවා. එත් එතන තියෙන්නේ video icon එක තියෙන Image එකක්. ඒක blog එකක් share කරපු post එකක්. ඉතින් ඒ link එක උඩ click කලාම යන්නේ මෙතනට.

Chrome වල නම්
  

Firefox වල නම්
  

මේක දැක්කට පස්සේ කස්ටිය හිතන්නේ මෙතන තියෙන video එක play වෙන්න ඕන කරන plug-in එක නෑ කියල. ඉතින් ඒක දාගන්න කියල Install Plugin click කරනවා Warning එකකුත් පෙනෙන්න තියෙද්දීම !

Chrome වල නම්


Firefox වල නම්


>> එකෙන් install වෙන්නේ plugin එක නම් නෙවේ.
ඔය auto spam වෙන script එක run කිරීමට අවශ්‍ය වෙන file එක

ඉතින් ඒක install කරගත්ත කියන්නේ, ඔබගේ facebook profile එකෙන් අර post එක share වීමට / හැමෝගෙම wall වලට spam වීමට සූදානම්. ඊට සුළු මොහොතකට පස්සේ එන notification වලින් සහ msg වලින් ඔබගේ යහළුවන්ගෙන් @#!%^#&* හොදට අහගන්න පුළුවන් වෙයි.

ඊට අමතරව ඒ share වුන post එකක් උඩ click කරලා ඒ script එක install කරගන්න තවත් යහළුවෙක් එයාගේ යාළුවො ඔක්කොටම spam කිරීම පටන් ගන්න හැටි දැන් ඔබට තේරෙනවා ඇති!

2. ඉවත් කරන ආකාරය.

දැනටමත් තමන්ගේ profile එකෙන් නොදැනුවත්වම මෙහෙම auto share වෙනවා නම් එක නවත් වන්න ඒ install වුන script එක remove කරන්න විතරයි තියෙන්නේ.

Chrome නම් මේ විදියට extension එක remove කරන්න


ඊට පස්සේ

ඊට පස්සේ


Firefox නම් මේ විදියට add-on එක remove කරන්න



හරි. ඒ කරදරෙත් ඉවරයි!

3. නැවත මෙවැනි දෙයක් වීම වැලැක්වීම.

මේ වගේ අත්වැරදීමක් ඕනෙම කෙනෙකුට පලවෙනි වතාවට සිද්ද වෙන්න පුළුවන්. ඉතින් ඒකම තමයි අපි වලක්වගන්නත් ඕනේ.
මේ වගේ link එකක් දැක්කට කවදාවත් ඒක බලන්න යන්න එපා. Spam කියල හොදටම තේරෙනවනේ.
ඒ වගේම මෙහෙම එක එක website වල තියෙන addon / extension / plug-in / script install කරගන්න එපා. ඒ වගේම chat ඒකෙන් auto එන links click කරන්න යන්නත් එපා. අනවශ්‍ය apps facebook එකට දාගන්නත් එපා. සිතුම් කිව්වා කියල මතක තියාගන්න :D

Facebook T-Shirts, Simcards, Barnbuddy credits, animals, Airtel Data connections කියන්නෙත් තව මේ වගේ spam කරන බොරු post…



මේ ලිපිය SHARE කරලා යාලුවො දැනුවත් කරන්නත් අමතක කරන්න එපා..

උපුටා ගැනීම :

http://www.facebook.com/notes/sithum-jayarathna/auto-share-වෙන-virus-නැවත්වීම/316322758385773

By Sithum Jayarathna on Monday, December 19, 2011 at 6:23am

ස්පීල්බර්ග්ගේ ටිං ටිං දැන් අපේ රටේ



බෙල්ජියානු ජාතික හර්ජීගේ ටින්ටින් චිත‍්‍රකතා පොත් පමණක් නොව, ඒ ඇසුරින් පසුකාලීනව නිර්මාණය වූ ටින්ටින් කාටූන් පවා ලෝ පුරා අතිශයින් ජනපි‍්‍රයය. ටින්ටින්ගේ වික‍්‍රම වයස් භේදයකින් තොරව රස විඳීමට හැකිය. ටින්ටින් චිත‍්‍රකතා පොත් තුනක් පාදක කර ගනිමින් හොලිවුඞ් අධ්‍යක්ෂ ස්ටීවන් ස්පීල්බර්ග් සහ පීටර් ජැක්සන් එක්වී නිර්මාණය කළ ‘ද ඇඞ්වෙන්චර්ස් ඔෆ් ටින්ටින්: සීක‍්‍රට් ඔෆ් ද යුනිකෝන්’ නමැති අපූරු පරිගණක සජීවීකරණ චිත‍්‍රපටය ඊයේ (15) සිට කොල්ලූපිටිය ලිබර්ටි සිනමාහලේදී තිරගතවීම් ආරම්භ කෙරුණි. මෙය ඊ.ඒ.පී. මණ්ඩලයේ සාඩම්බර ඉදිරිපත් කිරීමකි.
හර්ජීගේ තෙලිතුඩින් නිර්මාණය වූ ටින්ටින්, හිතවත් බලූ සුරතලා ස්නෝවි, කැප්ටන් හැඩොක්, තොම්සන් නිවුන්නු ආදී චරිත රිදී තිරයට ගෙන එන්නේ සැබෑ රංගන ශිල්පීන්ගේ සිරුරුවලට සම්බන්ධ කළ සංවේදක මගින් එම චලනයන් පරිගණකයට ලබා ගැනීමේ ක‍්‍රමයකිනි. එම ක‍්‍රමය හැඳින්වෙන්නේ සී.ජී.අයි. හෙවත් ‘පරිගණකයෙන් නිර්මාණය කෙරෙන රූප’ යනුවෙනි. එහෙයින් ටින්ටින් චිත‍්‍රපටය, සාමාන්‍ය සජීවීකරණ චිත‍්‍රපටයක් මෙන් නොව සැබෑ නළුවන් රඟපාන චිත‍්‍රපටයක් ලෙස එය නරඹන්නන්ට සිතෙනු ඇතැයි ස්පීල්බර්ග් පවසයි.
පීටර් ජැක්සන් මෙම චිත‍්‍රපටයේ නිෂ්පාදකවරයා ලෙස සම්බන්ධ වන්නේ ස්ටීවන් ස්පීල්බර්ග් ටින්ටින්ට පණ දීමට අති නවීන පරිගණක තාක්ෂණය භාවිතා කිරීම හේතුවෙනි. ‘සීක‍්‍රට් ඔෆ් ද යුනිකෝන්’, ‘රෙඞ් රැකම්ස් ටෙ‍්‍රෂර්’ සහ ‘ක‍්‍රෑබ් විත් ද ගෝල්ඩන් ක්ලෝව්ස්’ නමැති ටින්ටින් චිත‍්‍රකතා පොත් තුනේම එකතුවකින් මෙම අලූත් චිත‍්‍රපටය නිර්මාණය වී ඇත.






source : www.worldwish.info

ශක්තියෙන් උතුරා යන විශ්වය -2

තාරකා විද්‍යාඥයෝ හිතනවා ,විශ්වයේ අනාගතය පිලිබඳ වෙන්න පුළුවන් චිත්‍ර දෙකක් තියෙනවා කියලා,එක්කෝ විශ්වය සදහටම ව්‍යාප්ත වෙවී ගිහින් චක්‍රාවාට එන්න එන්නම ඈත් වෙවී යනවා ,නැත් නම් විශ්වය ආපහු සංකෝචනය වෙනවා ,විශ්වය කොයි තරම් බර , විශාලද ,කියන එක අනුව තමයි සිද්ධ වෙන දේ තීරණය වෙන්නේ ,ඒක ගැන දැනගන්න තාරකා විද්‍යාඥයින්ට තවම පුළුවන් කමක් නැහැ.එත් විශ්වය හුඟක් බරනම් ,ඒක ආයෙත් සංකෝචනය වෙනවා නම් සමහරවිට මීට ඉස්සර හුඟක් වතාවක් එහෙම ව්‍යාප්ත වෙවී සංකෝචණය වෙවී යන්න ඇතිනේ.එත් මේ කරුණේදී අදහස් විවිධ යි. විශ්වයේ මේ ව්‍යාප්ත වීම ,මේ එකම වතාවක් සිද්ධ වෙන සිදුවීමක් වෙන්න පුළුවනි.එත් විශ්වය සදාකාලිකවම ව්‍යාප්ත වෙනවා නම් ඒක මුලින්ම පටන් ගත්තේ කවදාද කියන ඒක ඊට වඩා ගැඹුරු ප්‍රශ්ණයක්. ඔව් ඒවා පටන් ගත්තේ කොහෙන්ද .ඒ කියන්නේ ඔය හිටිහැටියේ පුපුරා ගිය ද්‍රව්‍ය . පෙර දිග තියෙනවා ඉතිහාසය පිලිබද 'චක්‍රීය' මතයක්.වෙනත් වචන වලින් කියනවානම් සදාකාලිකවම ඉතිහාසය නැවත නැවත එනවා.උදාහරණ හැටියට ඉන්දියාවේ පුරා මතයක් තියෙනවා ලෝකය නොකඩවාම දිගහැරෙනවා හැකිලෙනවා නැවත නැවතත්.මේ අදහස විශ්වය ව්‍යාප්ත වෙවී සංකෝචනය වෙවී නැවත ව්‍යාප්ත වීම යන සිදුවීම් සදාකාලික චක්‍රීය ක්‍රියාවලියක් හැටියට සිදුවෙනවා කියන මතයට ඉතා හොඳින් ගැලපෙන බව පේනවා.දැන් මගේ මනසේ චිත්‍රයක් තියෙනවා විශාල අන්තරීක්ෂ හෘදය වස්තුවක් ගැහෙනවා, ගැහෙනවා ගැහෙනවා වගේ. මා හාට හිතෙනවා එ මත දෙකම ඒක වගේම හිතාගන්න බැරි ඒක වගේම හිත ඇදගන්න මත දෙකක් . එ වගේම ඒවා සංසන්දනය වෙනවා සදාකාලික බව පිලිබද මහා විරුද්ධභාශය සමග. එක්කෝ විශ්වය හැමදාම තිබුනා ,නැති නම් ශුන්‍යත්වය තුලින් හිටිහැටියේ බිහිවුණා .

ආලෝක වර්ෂ කෝටි ගානක් දුරින් තියෙන චක්‍රවාට වල ආලෝකය රේඩියෝ ටෙලස්කෝප් වලින් ලබා ගත්තහම,ඒවායින් විශ්වය පෙන්නුම් කරන්නේ මහා පිපිරීමට කලින් ආදිතම අවස්ථාවේ විශ්වය තිබුණු විදියටයි.
අහසේ අපට පෙනෙන හැම දෙයක්ම අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකට පෙර සිට ආව අන්තරීක්ෂ පාෂාණි භූතයක්. 
තාරකා විද්‍යාඥයෙකුට කරන්න පුළුවන් එකම දේ තමයි ,අතීතය ගැන අනාගත වාක්‍ය කීම .තරකාවලී වල තියෙන තාරකා වල ආලෝකය අපි වෙතට එන්න හුඟාක් කලින් ඒ තාරකා එකිනෙක වෙතින් ඈත් වෙලා.අවුරුදු දෙදාහකටත් ඉස්සර තාරකාවලී තිබුනේ ,ඒවා අපිට අද පෙන විධියට වඩා සෑහෙන්න වෙනස් විධියකටයි.
පැහැදිලි රාත්‍රී වලදී අපිට විශ්වයේ ඉතිහාසයේ ඈතට යන්න පුළුවන්.අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් යන කල් .ඉතින් එක විධියකට බලන කොට අපි ආපහු ගෙදර යනවා.අපි පටන් ගත්තේ මහා පිපිරීමෙන්.මොකද විශ්වයේ තියෙන ද්‍රව්‍ය සේරම ජීවී ඒකකයි.ආදීම කාලේ සේරම ද්‍රව්‍ය එක කුට්ටියක් ලෙස එකතු වෙලා තිබුනා.ඒක කොයි තරම් ඝනද කිව්වොත් අල්පෙනෙත්ති කුඩුම්බියක් තරම් තරම් එකක් ටොන් ප්‍රකෝටියක් විතර බරට තිබුනා.මේ 'ප්‍රාථමික පරමාණුව'ඉතාම විශාල ගුරුත්වයක් හේතුවෙන් පුපුරා ගියා.එතෙන්දි උනේ යමක් කඩ කඩ වී යාම වැනි දෙයක්
අහස දෙහා බලනකොට අපි උත්සාහ කරන්නේ අපේ මුල හෙවීමටයි.සේරම විශ්වයේ තියන සේරම තාරකායි චක්‍රාවාටයි හැදිලා තියෙන්නේ එකම ද්‍රව්‍ය
යෙන් .එකේ කොටස් එකතු වෙලා තියෙනවා ටිකක් අතන ,ටිකක් මෙතන , ඒක චක්රාවාටයකුයි ඊළඟ චක්රාවාටයි අතර ආලෝක වර්ෂ කෝටි ගානක් තියෙන්න පුළුවනි.එත් ඒ හැම එකකම තියෙන්නේ එකම ප්‍රභවය.සේරම තාරකායි, සේරම ග්‍රහලෝකයි අයිති එකම පවුලටයි.එත් මේ ලෞකික ද්‍රව්‍ය මොකක්ද ,අවුරුදු ප්‍රකෝටි ගානකට ඉස්සර පිපුරුවේ මොකක්ද, ඒක අපි හැමෝටම ඉතා ගැඹුරින් බලපාන ප්‍රශ්ණයක්.
මොකද අපි හැමෝමත් ඒ  ද්‍රව්‍යයෙන්මයි හැදිලා තියෙන්නේ.අවුරුදු ප්‍රකෝටි ගණනකට කලින් හටගත් ඒ මහා විශාල ගින්නේ පුපුරක් තමයි අපි.


උපුටා ගැනීම: Deepak Liyanage විසින් පල කරන ලද http://www.facebook.com/groups/sciencelk/permalink/313374798687681 ලිපියෙනි.

ශක්තියෙන් උතුරා යන විශ්වය -1


පෘථිවිය කියන්නේ ඉර වටේ කක්ෂයක යන ග්‍රහයින් ගනනාවගෙන් එකක්.එත් අප දන්නා එකම සජීවී ග්‍රහලෝකයත් පෘථිවිය යි.සමහරවිට මුළු විශ්වයේම එකම එක වෙන්නටත් පුළුවනි.එත් විශ්වය ජීවයෙන් උතුරා යනවා වෙන්නත් පුළුවනි.විශ්වය කෙනෙකුට හිතාගන්න බැරිතරම් විශාලයි.ඒ නිසා අපි ඒවා මනින්නේ ආලෝක මිනිත්තු වලින් ,ආලෝක වර්ෂ වලින් ආලෝක මිනිත්තුව කියන්නේ ආලෝකය මිනිත්තුවකට යනදුර. ආලෝකය තප්පරයකට කිලෝමීටර් ලක්ෂ 300,0000 ක් හෙවත් තත්පරයට සැතපුම් 186,000 ක් ,ආලෝකය ම්නිත්තුවකට කිලෝමීටර් ලක්ෂ එකසිය අසුවක්.ආලෝක වර්ෂය කියන්නේ කිලෝමීටර් කෝටි සියයටත් වැඩියි.ඉර තියෙන්නේ ආලෝක මිනිත්තු අටකට ටිකක් වැඩියෙන් දුරකි.අපේ මුහුණට වැටෙන හිරු රැස් දහර ,අපි ලඟට එන්න ඉස්සෙල්ලා මිනිත්තු අටක් විශ්වය හරහා ඇවිත් තියෙනවා.අපේ සෞර ග්‍රහ මණ්ඩලයේ ඈතින්ම තියෙන ග්‍රහයා වන ප්ලෝටෝ ඉන්නේ අපෙන් ආලෝක පැය පහක් විතර ඈත.තාරකා විද්‍යාඥ..යෙක් තම දුරේක්ෂයකින් ප්ලුටෝ දිහා බලනකොට ඇත්තටම නම් ඔහු බලන්නේ පැය පහක් පස්සටයි.අපට තව දුරටත් කියන්න පුළුවන් එම තාරකා විද්‍යාඥයා දකින්නේ එයා දකින්න පැය පහකට කලින් තිබුන ප්ලුටෝ.එහෙමත් නැත්නම් ප්ලුටෝගේ පින්තුර පොලවට එන්න පැය පහක් යනවා කියලා.එත් මේ ප්‍රතුවියේ ඉන්න අපි ඒ ගැන හැඩ හැහෙන්න පටන් ගත්ත විතරයි. අපේ සුර්යා අපි ක්ශීරපතය කියලා හඳුන්වන චක්රාවාටයේ තියෙන තවත් බිලියන 400 ක් අතරින් එකක්.ක්ශීරපතය කවපෙත්තක් වගේ.අපේ සුර්යා තියෙන්නේ එකේ සර්පිලාකාර ශාඛා අතරින් එකකයි.ක්ශීරපතයේ අපට ලගින්ම ඉන්න අසල්වැසි තාරකාවට තියෙන දුර ආලෝක වර්ෂ හතරක්.මේ මොහොතේදී ඒ තාරකාවේ ඉන්නවානම් තාරකා බලන්නෙක් හුඟක් බලවත් ටෙලෙස්කොප් එකක් අටවාගෙන
එයා ඔබව දකින්නේ මීට අවුරුදු හතරකට හිටපු විධියටයි.ඔබ අද අවුරුදු දහයක ගැහැණු ළමයෙක් නම් එයා දකීවි අවුරුදු හයක හුරතල් ගැහැණු ළමයෙක්.එත් ඒක අපට ලංගම තාරකාවයි.මේ සම්පුර්ණ චක්රාවාටය ,නැත්නම් මන්දාකිනිය ,ආලෝක වර්ෂ අනුදාහක් පළලයි.අපේ සුර්යාට වඩා ආලෝක වර්ෂ පනස්දාහක් ඈත තියෙන තරුවක් දිහා බලනකොට අපි කාලය අනුව අවුරුදු පනස්දාහක් ඈත අතීතය දිහායි බලන්නේ.ඒ අනුව අබ්යාවකාශය දිහා බැලීමේ එකම ක්‍රමය නම් කාලය අනුව ආපස්සට බැලීමයි.අද තියෙන විශ්වය මොකක්ද කියල අපට කවදාවත් දැනගන්න බැහැ.අපි දකින්නේ ඒ කාලේ තිබුණු විශ්වය විතරයි.ආලෝක වර්ෂ දහස් ගානක් ඈත තියන තාරකාවක් දිහා අපි බලනකොට අපි ඇත්තටම අවුරුදු දහස් ගානක් ආපසු අවකාශය පිලිබඳ ඉතිහාසයටයි යන්නේ.

අපි දකින හැම දෙයක්ම ඇහැට ගැටෙන්නේ ආලෝක තරඟයක් හැටියටයි.මේ ආලෝක තරංග අවකාශය හරහා එන්න කාලයක් ගත වෙනවා. අප ජීවත් වෙන චක්රාවායට වගේ විශ්වයේ තවත් චක්‍රාවාට කොටි ප්‍රකෝටි ගණනක් තියෙනවා කියල තාරකා විද්‍යාඥයෝ කියනවා.මේ හැම චක්රාවාටයකම තාරකා කොටි ප්‍රකෝටි ගණන් තියෙනවා.ක්ෂීර පථයට ලගින්ම තියෙන චක්‍රාවාටයට අපි කියනවා අන්ද්‍රෝමීඩා මන්දාකිනිය කියලා.ඒක තියෙන්නේ අපේ චක්රාවාටයට ආලෝක වර්ෂ විසිලක්ෂයක් ඈතින්.එකේ තේරුම ඒ මන්දාකිනියෙන් අපි වෙතට ආලෝකය එන්න අවුරුදු විසිලක්ෂයක් යන බවයි.මේ අනුව අපි අහසේ ඈත තියෙන අන්ද්‍රෝමීඩා මන්දාකිනිය දිහා බලන කොට අපි අවුරුදු ලක්ෂ විස්සක් අතීතය දෙසයි බලන්නේ.අන්ද්‍රෝමීඩා වේ දක්ෂ තරු බලන්නෙක් ඉන්නවා නම් එයා මේ ප්‍රතුවියට එයාගේ දුරේක්ෂය හරවාගෙන ඉන්නකොට එයාට අපිව බලන්න බැහැ.එයා වාසනාවන්තයෙක් නම් එයාට පෙනෙයි මුහුණ පැතලි ප්‍රතුවී වාසියෙක්ව.අද අපි දන්නා ඈත...ම චක්‍ර වාටය තියෙන්නේ ආලෝක වර්ෂ ප්‍රකෝටි සීයක් විතර ඈතින්.ඒ චක්‍රා වාටය වෙතින් අපිට සංඥා ලැබෙන කොට අපි විශ්වයේ ඉතිහාසයේ අවුරුදු ප්‍රකෝටි සීයක් දුරට යනවා.ඒක අපේ සෞර ග්‍රහ මණ්ඩලය ඉපදිලා තියෙන කාලය වගේ දෙගුණයක්.කාලය එතරම් ඈත බලනවා කියන එකේ තේරුම වටහා ගන්න අමාරු උනත් අපේ ලෝක චිත්‍රයට ඊටත් වඩා විශාල වැදගත් කමක් තියෙන දෙයක් තාරකා විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා.කිසිම චක්රාවාටයක් ඒ තියෙන තැන තියෙන්නේ නැති බවයි ඒ.විශ්වයේ තියෙන සේරම චක්‍රාවාට ඉතා විශාල වේගයකින් එකිනෙකා වෙතින් ඈත වෙනවා.ඒවා අපෙන් ඈත්ව තියෙන තරමට ඒවා ඈත්වෙන වේගය වැඩියි.එකේ තේරුම චක්‍රාවාට අතැර ඇති දුර සැමවිටම වැඩිවෙන බවයි.බැලුමක් අරන් එකේ කළු තිත් තිබ්බොත් බැලුම පුම්බන කොට එතිත් එකින් ඒක ඈත වෙනවා.විශ්වයේ චක්‍රාවාට වලට සිද්දවෙන්නෙත් එකමයි.අපි එකට කියන්නේ විශ්වය පුළුල් වෙනවා කියලා.

මොකක් නිසාද විශ්වය පුළුල් වෙන්නේ.බොහෝ තාරකා විද්‍යාඥයෝ එකඟ වෙනවා ,පුළුල් වෙන විශ්වය පිළිබඳව ඇත්තේ එකම විග්‍රහයයි කියලා. එක කාලය කදී අවුරුදු ප්‍රකෝටි 1500 කට විතර ඉස්සර ,විශ්වයේ සියලුම ද්‍රව්ය සාපේක්ෂව කුඩා ප්‍රදේශ යක එක්වී තිබුන.ඒ ද්‍රව්‍ය කොයි තරම් ඝනද කියනවානම් ඒ වයේ ගුරුත්වය නිසා ඉතා තද උෂ්ණත්වයක් තිබුනා .අන්තිමේ දී එය කොයි තරම් උණුසුම් වෙලා ,කොයි තරම් තද බද උනාද කීවොත් එය පුපුරා ගියා. අපි මෙම පිපිරීම ට කියනවා මහා පිපිරීම කියලා. ඒ මහා පිපිරීම හේතුවෙන් විශ්වයේ සියලුම ද්‍රව්‍ය හැම පැත්ත කටම විසි වෙලා ගියා.ඒවා ක්‍රම යෙන් සිසිල් වෙන කොට හැදුණා තාරකා,චක්‍රාවාට ,හඳවල්,ග්‍රහලෝක....ඔව් විශ්වය තවම පුළුල් වෙනවා.එය තවම පුළුල් වෙන්නේ හරියටම මේ අවුරුදු බිලියන ගණනකට ඉස්සර සිද්ධ වුනු පිපිරීම හේතුවෙන්.විශ්වයට අකාලික වූ භූගෝල විද්‍යාවක් නැහැ.විශ්වය සිදුවන දෙයක් .විශ්වය පිපිරීමක්.චක්‍රාවාට එකිනෙකින් ඈත් වෙමින් ඉතාමත් විශාල වේගයකින් නොකඩවා විශ්වය හරහා ඈතට පියඹා යනවා. ඒවා සදහටම එහෙම යනවාද,ඒක එක භව්‍යතාවක් එත් තව එකක් තියෙනවා ,එය ග්‍රහලෝක සූර්යා වටේ ස්ථිර කක්ෂයක තියෙන්න හේතුවන බලවේග දෙකක් වන ගුරුත්වාකර්ෂණය සහ අවස්තතිය.චක්‍රාවාට වලටත් බලපාන්නේ එකමයි.මොකද විශ්වය නොකඩවාම පුළුල් උනත් ගුරුත්වාකර්ෂණය අනෙක් පැත්තට වැඩකරනවා.අවුරුදු ප්‍රකෝටි කීපයක් ගත වුනහම අර විශාල පිපිරීමෙන් හටගත් සියලුම බලවේග දුර්වල වෙනකොට කවදා හරි දවසක ගුරුත්වාකර්ෂණය සමහර විට අනෙක් පැත්තට වැඩ කරලා විශ්වයේ තියන සියලුම වස්තු ආයි සැරයක් එකට එකතු කරලා පැක් කරන්න පුළුවනි.එතකොට ඇති වෙන්නේ පිපිරීමට විරුද්ධ දෙය.සංකෝචනය වගේ දෙයක් .එත් ඒවා අතරදුර ප්‍රමාන කොච්චර විශාල ද කිවහොත් එක සිද්ධ වෙන්නේ ඉතා හෙමින් ක්‍රියා කරන චිත්‍රපටියක් වගේ .බැලුම කින් හුලන් අරින කොට වෙන දේට ඒක ටිකක් සමාන කරන්න පුළුවනි .සේරම චක්‍රාවාට ආපසු තද න්‍යෂ්ටියක් බවට පත් වෙන වාද එහෙම එකතු වෙලා .ඊට පස්සේ මොකද වෙන්නේ .ඊට පස්සේ ආයෙත් මහා පිපිරීමක් ඇති වෙනවා.විශ්වය ආයෙත් ව්‍යාප්ත වෙන්න පටන් ගන්නවා මොකද ක්‍රියාත්මක වෙන්නේ එකම ස්වාභාවික නීති.අයෙත් අලුත් තාරකා සහ චක්‍රාවාට හැදෙනවා.


Deepak Liyanage විසින්.

දෙවැනි කොටස මෙතැනින්

ලොව සුපතල වෙළද නාම වල ඇරඹුම !


◄► Apple Computers : Apple සමාගමේ නිර්මාතෘ වරයෙකු වන ස්ටීව් ජොබ්ස්ගේ(Steve Jobs) ප්‍රියතම පලතුර ඇපල් වේ. ඔවුන් ගේ අලුත් සමාගමට නමක් යෝජනා කිරීමට ඔහුට පැවරුනු අතර මාස 3ක් ගත වූ පසුවත් ගැලපෙන නමක් ඔහුට කල්පනා නොවූ නිසා අවසන් දින සවස 5ට පෙර ඔහුගේ සගයන් වෙනත් හොද නමක් යෝජනා නොකලහොත් සමාගම Apple Computers ලෙස නම් කිරීමට ඔහු තීරනය කලේය.

◄► Yahoo! : ජෙරී යැන්ග්(Jerry Yang) සහ ඩේවිඩ් ෆිලෝ (David Filo)විසින් ආරම්භ කල සමාගම මුලින් හැදින්වූයේ David and Jerry's Guide to the World Wide Web නමිනි. පසුව එය Yahoo! නමින් නම් කලේ "Yet Another Hierarchical Officious Oracle" යන්න අර්ථවත් කිරීමටයි. එසේම Yahoo යන නම මුලින්ම හදුන්වා දුන්නේ ගලිවර්ගේ චාරිකා(Gulliver’s Travels) රචනා කල ජොනතන් ස්විෆ්ට්(Jonathan Swift) විසින් වන අතර එමගින් ඔහු අර්ථවත් කලේ පෙනුමෙන් සහ ක්‍රියාවෙන් රෞද්‍ර වන අමනුෂ්‍යයෙකි. ජෙරී යැන්ග් සහ ඩේවිඩ් ෆිලෝ තමන් දෙදෙනා යාහූවරුන් දෙදෙනෙකු ලෙස හදුන්වා ගැනීමට කැමති වූවාදැයි යන්නත් සැකයකි.

◄►Hewlett Packard : Hewlett Packard සමාගමේ නිර්මාතෘවරුන් වන Bill Hewlett සහ Dave Packard නව සමාගමේ නම සදහා යොදා ගන්නේ Hewlett-Packardද Packard-Hewlettද යන්න තීරනය කලේ කාසියක් උඩ දැමීමෙනි.

◄►Intel : Intel සමාගමේ නිර්මාතෘ වරුන් වන Bob Noyce සහ Gordon Moore මුලින් තීරණය කලේ ඔවුන් ගේ සමාගම Moore Noyce ලෙස නම් කිරීමටයි.නමුත් එම නම හා සමානවම ශබ්දවන නමක් සහිත ඉලෙක්ට්‍රොනික භාන්ඩ නිපදවන සමාගමක්(More Noise) ලියාපදිංචි වී තිබූ නිසා එය භාවිතා කිරීමට ඔවුන්ට ඉඩක් නොලැබුනි.අවසානයේ ඔවුන් Intel යන්න යොදා ගත්තේ INTegrated ELectronics යන්න සංකේතවත් කිරීමටයි.

◄►Motorola : Motorola සමාගමේ නිර්මාතෘ පෝල් ගැල්වින්(Paul Galvin) ඔහුගේ සමාගම මෙනමින් නම් කලේ මෝටර් රථ සදහා රේඩියෝ නිපදවීම සදහා සමාගමක් ඔහු අලුතින් ඇරබූ විටයි.මෙය Motor සහ Ola යන වචන දෙකේ එකතුවක් වන අතර 'Motor'යන්නෙන් මෝටර් රථත් 'Ola'යන්නෙන් ශබ්දයත් නිරූපනය කෙරේ.

◄►Adobe : Adobe සමාගමේ නිර්මාතෘ ජෝන් වෝනොක්ගේ(John Warnock) නිවස පිටුපසින් ගලන ඇඩෝබි ක්‍රීක්(Adobe Creek) ගංගාවේ නමින් ඔහු Adobe සමාගම නම් කලේය.

◄►Java: ජාවා පරිඝණක ක්‍රමලේඛන භාශාව (Java Computer Programming Language)මුලින් හැදින්වූයේ ඕක් (Oak) නමිනි,ඒ ජාවා වැඩි දියුණු කල ජේම්ස් ගොස්ලින්ගේ(James Gosling) කාර්යාලය අසල තිබූ ඕක් ගස සංකේතවත් කිරීමටයි. පසුව එය Java නමින් නම් කලේ ජාවා ක්‍රමලේඛන භාශාව වැඩි දියුණු කල සමයේ ජේම්ස් ගොස්ලින් විසින් බෙහෙවින් පානය කල ජාවා කෝපි(Java Coffee) සංකේතවත් කිරීමටයි.

◄►Mercedes:සමාගමට මුදල් යෙදූ තැනැත්තාගේ දියනියගේ නමයි.

◄►CISCO:සැන් ෆ්‍රැන්සිස්කෝ(San FranCISCO) යන්නෙහි කෙටි නමයි.

◄►Corel : Corelසමාගමේ නිර්මාතෘ ආචාර්ය මයිකල් කෝප්ලන්ඩ්ගේ(Dr. Michael Cowpland) නමින් බිදී ආවකි. නමින් නිරූපනය වන්නේ COwpland Research Laboratory යන්නයි.

◄►Hotmail : Hotmail නිර්මාතෘ ජැක් ස්මිත්ට(Jack Smith) ලෝකයේ ඕනෑම තැනක ඇති ඕනෑම පරිඝණකයකින් E-Mailවෙත පිවිසීමේ අදහසක් සිතට නැගුනු අතර අනෙක් නිර්මාතෘ සබීර් භාතියා(Sabeer Bhatia) මෙය ව්‍යාපාර අදහසක් දක්වා වැඩි දියුණු කලේය.පසුව මේ සදහා සුදුසු නමක් සෙවීමට මොවුන් දෙදෙනා වෙහෙස වූ අතර Mail වලින් අවසන් වන බොහෝ නම් මේ සදහා සලකා බැලුනි.අවසානයේ මොවුන් නම ඒ සදහා Hotmail සුදුසු යැයි තීරනය කලේ html යන නමේ අඩංගු සියලුම අකුරු එහි අඩංගු වූ නිසාවෙනි.එමනිසා මුල් කාලෙයේ ඔවුන් භාවිතා කලේ HoTMaiLයන නමයි.

◄►Google : මුලින්ම Google සමාගම හැදින්වූයේ Googol යන නමිනි. යන්නෙන් අදහස් කරන්නේ 1ත් සමග බින් දු 100ක් ඇති සංඛ්‍යාවයි. මෙමගින් ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රයට වරකට සෙවිය හැකි Information ප්‍රමානය පිලිබද හැගීමක් ලබා දෙයි. පසුව නිර්මාතෘවරුන් වන ස්ටැන්ෆර්ඩ් සරසවියේ(Stanford University) සිසුන් වූ සර්ජි බ්‍රින්(Sergey Brin) සහ ලැරී පේජ්(Larry Page) තම සෙවුම් යන්ත්‍රය ආයෝජකයෙකුට ප්‍රදර්ශනය කල විට ඔහුගේ ඉල්ලීම අනූව මෙය Google නමින් නම් කෙරුනි.

◄►Coca Cola : Coca Cola සමාගමේ නම නිර්මාණය කලේ එහි අඩංගු කොකා කොල(Coca Leaves) සහ කෝලා ඇට (Kola Nuts) සංකේතවත් කිරීමටයි.

◄►Compaq : Compaq සාමගමේ නමින් නිරූපනය වන්නේ COMPAtibility and Quality යන්නයි

◄►Lotus(Notes) : Lotus(Notes) නිර්මාතෘ මිච් කපූර් (Mitch Kapoor) යෝග ගුරුවරයෙකු වූ අතර එහි නම ලෙස යොද ගත්තේ ප්‍රසිද්ධ යෝග අභ්‍යාසයක් වන පද්මාසනයේ (The Lotus Position) නමයි.

◄►Microsoft : Microsoft සමාගමේ නිර්මාතෘ වරුන් වන බිල් ගේට්ස් (Bill Gates) සහ පෝල් ඇලන්(Paul Allen) Microsoft නම යොදා ගත්තේ MICROcomputer SOFTware යන්න සංකේතවත් කිරීමටයි. මුලින් Micro-Softලෙස භාවිතා කලත් පසුව එය Microsoft ලෙස නම් විය.

◄►Sony : Sony සමාගමේ නම නිර්මාණය වුනේ ශබ්දය යන තේරුම දෙන 'Sonus' යන ලතින් වචනයත් දීප්තිමත් කොලු ගැටයා යන අරුතින් ඇමරිකානුවන් එදිනෙදා ව්‍යවහාරයේදී යොදා ගන්නා 'Sonny' යන වචනයේත් එකතුවෙනි.

◄►SUN : SUN සමාගම නිර්මාණය කලේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ(Stanford University) මිතුරන් හතර දෙනෙකි.SUN යන්නෙන් අර්ථවත් වන්නේ Stanford University Network යන්නයි.

◄►Samsung : Samsung සමාගමේ නිර්මාතෘ ලී බුන්ග් චල්ට(Lee Byung-chull) අනූව Samsung යන්න කොරියානු වචනයක් වන අතර එහි මුල් කොටසින් විශාල බව හැගවෙන අතර පසු කොටසින් සදාකාලික බව හැගවෙයි.

◄►3M : Minnesota Mining and Manufacturing නැමති සමාගමේ මුල් නමේ ඇති අකුරින් ආරම් භ වන වචන 3 නිරූපනය කිරීමට පසුව එය 3M ලෙස නම් කෙරුනි.

◄►Nokia : Nokia සමාගමේ නිර්මාතෘ වන්නේ පින්ලන්ත ජාතික ෆෙඩ්‍රික් ඩෙස්ටාම්ය( Fredrik Idestam). මුලින්ම මෙම සමාගම කඩදාසි කර්මාන්තයත සම්බන්ධ සමාගමක් විය. මෙම සමාගම මුලින්ම ආරම්භ වූයේ නිරිත දිග පින්ලන්තයේ නොකියා(Nokia) නගරයේ වූ අතර එම නිසා එම සමාගම අදටත් ලෙස හදුන්වයි.

◄►Ericsson : Ericsson සමාගමට නම ලැබුනේ එහි නිර්මාතෘ වූ ලාර්ස් මැග්නස් එරික්සන්ගේ(Lars Magnus Ericsson) නමිනි.

◄►Toyota : Toyota සමාගම මුලින් හැදින්වූයේ එහි නිර්මාතෘ වූ කිචිරෝ ටොයෝඩාගේ (Kiichiro Toyoda) පවුල් නාමය වූ ටොයෝඩා(Toyoda) යන නමිනි.නමුත් පසුව එහි නම ටොයෝටා ලෙස නම් කලේ ජපන් භාශාවෙන් ටොයෝටා නම ලිවීමේදී අවශ්‍ය වන්නේ ඉරි 8ක් පමනක් නිසාත්(ජපන් ජාතිකයන් ට 8 යන්න වාසනාවන්ත ඉලක්කමකි) ටොයෝටා යන්න කියවීම ටොයෝඩා යන්න කියවීමට වඩා පහසු වීමත් නිසාය. 

මේ තොරතුරු වැදගත් කියලා හිතනවා නම් [SHARE] කරන්න.

අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය.


කොට්ටාව හන්දියෙන් අවිස්සාවේල්ල බස් රථයකට නැගුනු තරුණියක් බස් රථයේ සෙනග නිසා සෙමින් සෙමින් ඉදිරියට යන්නට විය... බස් රථය වේගයෙවන් ඉදිරියට යමින් පවතී..හෝමාගම මංසංධියේදී සෙනග සුළු ප්‍රමාණයක් බැස ගිය අතර.තවත් සෙනග නගින්නට විය.ඒ අතර හැඩි දැඩි පෙනුමෙන් යුතු උස මහත තරුණයෙක් බසයට අපහසුවෙන් ගොඩ උනි.. සෙනග අතරින් ඉදිරියට පැමිණ ඔහු කලින් කී තරුණිය අසල සිට ගත්තේය..බස් රථය ඉදිරියට ඇදෙන්නට විය..ටික වේලාවකින් ...තරුණිය ගස්සා තරුණයාට රැවුවාය.. නැවතත් සුළු මොහොතකින් තරුණිය රවන්නට විය.. තෙවනි වර තරුණිය කට හඩ අවදි කලාය !! '' තමුසේ මහ වනචරයෙක් !! දැන් තුන්පාරක්ම මගේ කකුල පෑගුවා . තමුසේට අක්කලා නංගිලා නැද්ද..කෙල්ලෙක්ට බස් එකකවත් යන්න නෑ..ඔච්චර අමාරුනම් සල්ලි කීයක් හරි දීල ගෑනියෙක් අරං ගිහිං බුදිය ගනිං'' බස් රථයටම ඇසෙන සේ කෑගැසු තරුණිය නිසා තරුණයා දෙස බස් රථයේ සියලු දෑස් යොමු විය.. තරුණයා කෙතරම් හැඩි දැ‍ඩි උවද ඔහුට ඒ වචන දරා ගත නොහැකි විය.ක්ෂණයෙන් ඔහුගේ දෑස් රූරා කදුලු කැට කඩා වැටෙන්නට විට.. ඔහු තම හඩ අවදි කලේය.. ''ම‍ගෙන් වරදක් උනා නම් මට සමා වෙන්න නංගි.මම යුධ හමුදාවේ..පුදුකුඩුඉරිප්පු අවසාන සටනෙදී මට බොම්බයක් පෑගිලා මගේ කකුල මට නැති උනා..මගේ දකුණු අතත් හරියට වැඩ කරන්නේ නෑ.ජීවත් වෙන්න ඕන නිසා ජීවත් වෙනවා නංගි.එදාම මැරිල ගියා නම් අද ඔයා මට බනින්නේ නෑනේ.මට සමාවෙන්න මගේ බොරු කකුලට හැගීම් දැනීම් නෑනේ නංගි ඒකයි එහෙම උනේ..ආය පාරක් මට සමාවෙන්න'' තරුණයා කදුළු පිරි දෑසින් කියාගන කියාගන ගියේය. එසේ කියා තරුණයා පනාගොඩ යුධ හමුදා කදවුර අසලින් බැස ගියේය.. ඔහුට ආසනයක් නොලැබීම ගැන බස් රථයේ සියලු සෙනග කම්පා වූ අතර තරුණිය ඉතා වේගයෙන් අඩන්නට විය.. අප රණවිරුවන්ට මීට වඩා සැලකිය යුතුය.අපේ පණ බේරුවේ ඔවුන්ය..අප ඔවුනට නිසි තැන දී ගරු කල යුතුය..දෙවියන්ද ඔවුන්ව පුදනු ඇත.


අපේ රණවිරුවන් වෙනුවෙන් මෙය share කරන්න

මේ කතාව අපිට එව්ව Srishan Cool ට ගොඩක්‌ ස්‌තුති..

මම දන්නවා ඔයාට පුළුවන්..!

එක වසරේ පුංචි කොලු ගැටයෙක්ගෙන් පන්ති භාර ගුරුතුමි යට පුදුම වදේලු. 
ඒ නිසාම ගුරුතුමී එයාව විදුහල්පති තුමා හමුවට අරන් ගිහින්. එතකොට ඇති වුනු දෙබස තමයි මේ...

විදුහල්පති : මොකද ලමයා මිස්ට කරදර කරනව කියන්නේ?
පොඩ්ඩා : අපේ අක්කා ඉන්නේ 3 වසරේ, ඒ වුනාට මට ෂුවර් එයාට වඩා මගේ මොලේ වැඩි කියලා.
විදුහල්පති : හරි, එහෙනම් මම ඔය ලමයගෙන් දැන් ප්‍රශ්න ටිකක් අහනවා. ඒවා ඔක්කෝටම හරියට උත්තර දුන්නොත් ඔයාවත් අපි 3 වසරට මාරු කරනවා. කැමතිද?
පොඩ්ඩා : හරි, මම කැමතියි.
විදුහල්පති : 3x3 කීයද?
පොඩ්ඩා : 9
විදුහල්පති : 6x6 කීයද?
පොඩ්ඩා : 36
විදුහල්පති : මම හිතන්නේ මේ ලමයට 3 වසරේ ඉගෙනුම ලබන්න දැනුම ඇති මිස්. මෙයාව අපි 3 වසරට මාරු කරමු.
ගුරුතුමී : හ්ම්, ඒත් සර් අවසර දෙනව නම් මම කැමති මේ ලමයගෙන් තව ප්‍රශ්න ටිකක් අහන්න. කමක් නෑ නේද?
විදුහල්පති : අහන්න අහන්න, කිසිම ප්‍රශ්නයක් නෑ.
ගුරුතුමී : එළදෙනකට 4ක් තියෙන මට 2ක් තියෙන දේ මොකද්ද?
පොඩ්ඩා : කකුල්
ගුරුතුමී : ඔයාගෙ කලිසම ඇතුලේ තියෙන, මගේ සාරිය ඇතුලේ නැති දේ මොකද්ද?
පොඩ්ඩා : සාක්කු
ගුරුතුමී : පිරිමි අය හිටගෙන කරන, ගැහැණු අය වාඩි වෙලා කරන, බල්ලෝ කකුල් 3න් කරන දේ මොකද්ද?
විදුහල්පති තුමා දෑස් ලොකු කර බලා සිටී...
පොඩ්ඩා : අතට අත දීම.
ගුරුතුමී : හරි මම දැන් තේරවිලි කිහිපයක් අහන්නම්, සූදානම්ද?
පොඩ්ඩා : සූදානම්
ගුරුතුමී : ඔයාගේ ඇඟිල්ලක් මා තුලට යනවා. ඒත් ඔයාට ඇති වුනාම ඔයා මාව ඇඟිල්ලෙන් ඉවත් කරගන්නවා. මම කවුද?
පොඩ්ඩා : කසාද මුද්ද
ගුරුතුමී : මම එක එක ප්‍රමාණ වලින් තියෙනවා, මම ලෙඩ වුනාම මගෙන් දියරයක් ශ්‍රාවය වෙනවා. මම කවුද?
පොඩ්ඩා : නහය
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන ගොඩාක් උණුසුම අන්තර්ගත දේ කුමක්ද?
පොඩ්ඩා : Firework
ගුරුතුමී : F අකුරෙන් පටන් ගන්න K අකුරෙන් අවසන් වන මේ දේ ඔයාට ලැබුනේ නැතොත් අත පාවිච්චි කරන්න සිදු වෙනවා.
පොඩ්ඩා : Fork
ගුරුතුමී : ඔබටත් 1ක් තියෙන්වා, විදුහල්පති තුමාටත් 1ක් තියෙනවා. පාප් වහන්සේ තමන්ගේ 1ක පාවිච්චි කරන්නේ නෑලු. විවාහවෙන කාන්තාවන්ටද 1ක් ලැබේවි. ඒ මොකද්ද?
පොඩ්ඩා : වාසගම
ගුරුතුමී : මිනිසා සතු මෙහි කිසිම අස්ථියක් නෑ. නමුත් විශාල ප්‍රමාණයක් නහර තියෙනවා. ආදරය කරන්න මේක නැතුව බෑ. ඒ මොකද්ද?
පොඩ්ඩා : හදවත
ගුරුතුමී : හරි සර්, මමත් ප්‍රශ්න අහල අවසානයි.
විදුහල්පති : අම්මෝ ඇති යන්තම්. අන්තිම ප්‍රශ්න 10ටම මම හිතපු උත්තරත් වැරදී. මේ ලමයව 4 වසරට නෙවෙයි, විශ්ව විද්‍යාලයට මම නිර්දේශ කරල අදම ලියුමක් ලියනවා.

මේ උත්තරමද ඔයාලත් හිතුවේ?
එහෙනම් යාලුවොන්ටත් මේ කතාව SHARE කරන්න අමතක කරන්න එපා.

විරුවන්ගේ ජීවිතයේ එක් පැති කඩක්.

හෑමදාමත් ජීවිතයේ සතුට කෑප කරලා..........වෑඩ් පුරම දුක් විදින කොල්ලො ඉන්නේ ත්‍රිවිද හමුදාව....පොලිසි වල........ඔවුන් දුස්කර සේවයන් වල යෙදෙද්දි..........ජීවිතයේ ලස්සනම දවස් කෑප කරේ.....අපිට නිදහස් රටක් ගොඩ නගන්න...........අදටත් අත පය අහිමි කරගෙන .....ඈස් දෙකම නොපෙනෙන කොල්ලො..... දහස් ගානක් .... රෝහල් වල ඈදන් උඩ ...........යුද්දය දිනලා රට අපරාජීත උනාට.......... අත පය අහිමි වෙලා එක තෑන් උනු අපේ අහින්සක කොල්ලන්ට.........තමන්ගේ ආදරය පවා නෑති වෙලා.......හිතේ සතුටක් නෑතිව......ජීවත් වෙද්දි.....ඔවුන් කියන්නෙ සටන්..........: බිමේදිම ජීවිතේ අහිමි උනා නම් මීටත් වඩා සෑනසීමක් කියලා...........මේ විරුවන්ගේ ජීවිතයේ එක් පැති කඩක් පමනයි.........

කොරල් මාලිගයේ රහස

ඔන්න කථාව බොහොම සරලයි. 1887 ජනවාරි 27 වෙනිදා ලත්වියාවේ දී එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කියලා මනුස්සයෙක් ඉපදුනා. එතරම් පොහොසත් නොවුනු පවුලක ඉපදුනු ඔහු අධ්‍යාපනය ලැබුවේ හතර වෙනි පන්තිය තෙක් පමණයි. ඔහුට අවුරුදු 26 දී ඔහුට වඩා වසර දහයකින් බාල ඇග්නස් ස්කෆ්ස් කියලා ගැහැණු ළමයෙන් සමග පෙමින් වෙලෙනවා. නමුත් ඔවුන්ගේ මංගල දිනයට කලින් දවසේම ම පෙම්වති‍යගේ මවගේ දැඩි විරෝධය නිසාම ඔවුන්ගේ මංගල්‍ය සිදුවන්නේ නැහැ. තනිවුනු එඩ්වර්ඩ් ක්ෂය රෝගයෙන් පීඩා විදීම නිසා හොද කාලගුණික තත්වයක් සොයා ගෙන 1919 දී පමණ ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට පැමිණෙනවා.  එඩ්වර්ඩ් බාල කාලෙ‍යේ ඉදන් කලු ගල් ආදියෙන් විවිධ නිර්මාණ කරන්නට ඉගෙන ගෙන තියෙනවා. ෆලොරීඩාවට පැමිණීමෙන් පසු ඉතිරි අවුරුදු විස්සක කාලය තුල ඔහු විසින් කරන්නේ එකම එක දෙයයි. ඒ තමයි ඔහුගේ අහිමි වුනු පෙම්වතිය වෙනුවෙන් කොරල් ගල් වලින් උද්‍යානයක් නිර්මාණය කිරීම. කවදා හෝ ඔහුගේ පෙම්වතිය තමුන් වෙනුවෙන් පැමිණෙනු ඇතැයි ඔහු බලාපොරාත්තු වෙමින් මේ නිර්මාණය කලත් කවදාවත්ම ඔහු‍ගේ අහිමි වුනු පෙම්විතය නැවත පැමිණෙන්නේ නෑ. තනිකඩයකු ලෙස ජීවත් වන ඔහු උද්‍යානය අවසන් කර න ඔහු 1951 දෙසැම්බර් හත් වන දින  හැට හතර වන වියේදී  ආබාධයකින් මරණයට පත් වනවා.

මේ කථාවේ විශේෂත්වය මොකද්ද? ඒ කමයි මේ එඩ්වර්ඩ් ලීඩ්ස්කින් කිය මනුෂ්‍යයා තමුන්ගේ පෙම්වතිය වෙනුවෙන් ඇමරිකාවේ ෆ්ලෝරීඩා ප්‍රාන්තයේ සිදු කරපු ඒ කොරල් වලින් කරපු උද්‍යානය. කොරල් මාලිගය  නැතිනම් පාෂාන මාලිගය ලෙස මෙය ලෝක ප්‍රසිද්ධයි. අක්කර දහයක් පුරා පැතිරුණු මේ උද්‍යානය සදහා ටොන් 1100 පමණ කොරල් පාෂාන යොදා ගෙන තිබෙනවා. ටොන් ගණන් බර පාෂාන අඩි ගණන් උසට ඔසවලා නැතිනම් ඒමේ අත හරවලා නැතිනම් තැන් තැන් වලට ගෙනිහිල්ලා  අපූරු නිර්මාණ සිදු කරලා තියෙනවා. නමුත් මෙහි විශේෂත්වය මොකද්ද? ඒ තමයි අඩි පහකට මදක් වැඩියෙන් උස වුනු මහ විෂාල ශක්ති වන්ත සිරුරකට හිමි කම් නොවූ මේ මනුස්සයා මේ සියලු නිර්මාණ කරන්නේ තනියම වීම. ඔව් ටොන් ගණන් බර කොරල් පාෂාන ඉහලට ඔස වන්නෙත් ඒවා තැන් තැන් වලට ගෙනි යන්නෙත් ඒවායින් විවිධ නිර්මාණ කරන්නෙත් මේ මනුස්සයා තනියමයි වෙන කිසිවකුගේ සහයක් නැතුවයි. අනික ඒ සදහා කිසිම නවීන තාක්ෂණික උපකරණයක් භාවිතා කරන්නෙත් නැහැ ලී තුනකින් හදපු කරුවක් විතරයි භාවිතා කරන්නේ. නමුත් මේ ලී ඇටවුමට එතරම් විශාල බර පාෂාන වල බර දරා සිටින්න පුලුවන් කමක් නැහැ. අනික මේ මනුස්සයා අනික් අය තමුන් වැඩ කරන විදිය දකී කියලා වැඩ කරෙත් බොහෝ විට රෑට විතරයි.

දැන් ප්‍රශ්නේ ඔහු මෙහෙම වැඩක් කරේ කොහොමද කියන එක. කාලයක් ඒ පැත්තේ පුස්ථකාලයක දවසකට පැය හතරක් විතර ගත කරපු එඩ්වර්ඩ් කියලා තියෙනවා තමුන් පුරාණ මිසර ජාතිකයින් පිරමිඩ් නිර්මාණ සදහා ටොන් සිය ගණන් බර ගල් කුට්ටි එසවූ තාක්ෂණය තමුන් සොයා ගත් බව. තමුන් ප්‍රති ගුරුත්වය සොයා ගත් බවත් ඔහු පවසලා තියෙනවා. ඒ කාලේ කුඩා ළමයින් හැටියට අවට හිටපු සමහර අය කියලා තියෙනවා ඔවුන් සමහර වෙලාවට හොරෙන් බලන කොට ඔන්න එඩ්වර්ඩ් අර ටොන් ගණන් බර ගල් කුට්ටියක් පා කරන හැටි දැකලා තියෙනවා. ඔහුගේ කොරල් මාලිගයේ දොරට දාලා තිබිලා තියෙන්නෙත් මේ ටොන් ගණනක් බර කොරල් පාෂානයක්. නමුත් එහි නිර්මාණයේ නිවැරදි සමමිතිය නිසාම කුඩා ළමයකුට වුනත් ඇගිල්ලෙන් ඇනලා වුනත් දොර විවර කර ගන්න පුලුවන්ලු. නමුත් එක් දහස් නවසිය අසූ ගණන් වල මෙහි ඇති හානියක් නිසා නවීන තාක්ෂණය උපයෝගී කර ගෙන මෙය නැවත සවිකරන්න කට්ටියකට සිදු කලා. ඒ සදහා ලේසර් මිණුම් ක්‍රම භාවිතා කරන්නත් ඔවුන් තීරණය කලා.ඒ සදහා ටොන් විස්සේ දොඹකරයකුත් භාවිතා කරන්න වුනා. නමුත් අති නවීන සියලු තාක්ෂණික මෙවලම් භාවිතා කරන් අර පෙර තිබුනු නිවැරදි තත්ත්වයට එම දොර ගෙන ඒමට ඔවුන් අපොහොසත් වුනා.   1920 දී පමණ කොරල් උද්‍යානය මුලින්ම ඉදි කරන්න හදපු තැනින් 1930 ගණන වල මැදදී එය එතැන ඉදන් සුතපුම් දහයක් පමණ ඈත තැනකට ගෙන යන්න එඩ්වර්ඩ් තීරණය කලා. ටොන් සිය ගණනක ගල් අරන් යන එක පහසු වැඩක් නෙමෙයි. නමුත් ඔහු මේ සදහා එක් බර ගෙන යන ට්‍රක් එකකට පමණක් කථා කලා. ට්‍රක් රථයේ රියදුරුට ගැටලුවක් ඇති වුනා මේ ගල් ‍ෙලාරියට පටවන්නේ කොහොමද කියන එක. එඩ්වර්ඩ් ඔහුව මදවේලාවකට රියදුරුව එතනින් යැව්වා.  පැයකින් පමණ ආපහු ආපු රියදුරා දැක්කේ ට‍්‍රක් රථය ඉතාම සුලු කාලයකින් අර බර ගල් වලින් පිරිලා තියෙන හැටි. අචටත් ලොව පුරා විද්‍යාඥයින් පුදුමයට පත් කරවන ස්ටොන් හෙන්ජ් පිරමීඩ ඒ වගේම තනි පර්වත හාරා ඉදිකර ඇති ඉන්දියාවේ කෝවිල් වගේ නිර්මාණ සිදු කරපු ආකාරයේම නිර්මාණ මේ කොරල් මාලිගාවේ දක්නට ඇති බව පැවසෙනවා. කිසිම කෙනෙක් ඔහු මේවා සිදු කරපු විදිය දන්නේ නැහැ.

දැන් ප්‍රශ්ණේ ඔහු මේ ගැන කිසිම හෝඩුවාවක් වත් තියලා නැද්ද කියන එක. නැහැ. තියෙනවා. 1945 මේ මනුස්සයා magnatic current කියලා පොතක් පල කලා. එඩ්වර්ඩ්ට අනුව ගුරුත්වාකර්ෂණය කියන්නෙත් චුම්භක ශක්තිය මයි. පොලවේ සියලු දේ බැද තබා ගන්නේ මේ චුම්භක ශක්තිය නිසයි. චුම්භක දෙකක් එකිනෙක ආකර්ෂණය කරන්නේ ඒවයේ උතුරු දකුණු පැති මාරුවට තිබ්බොත් විතරයි. චුම්භක දෙකම එකම අතට උතුරු දකුණු පැති එන විදියට තිබ්බොත් ඒ දෙක විකර්ෂණය වනවා. මේ පොතේම අග ඔහු කියලා තියෙනවා සද පොලවට නොවැටෙන්නේ සදේ හා පොලවේ මේ චුම්භක ක්ෂේත්‍ර අර විකර්ෂණය වන පිලි වෙලට තිබෙන නිසා බව.සද උඩු යටිකුරු කලොත් සද පොලවට ආකර්ෂණය වී පොලවට ඇද වැටෙන බවත් ඔහු කියලා තියෙනවා. නමුත් මේ පෙත හරිම සාමාන්‍ය විස්තරයක් කරන පොතක්. සෑම පරිච්ඡේදයක් අවසානයේම ඔහු හිස් කොලයක් ඉතිරි කරලා තියෙනවා එය කියවන්නාට තමුන් තේරුම් ගත යමක් එහි සටහන් කර තැබීමට වගේ. ඒ කියන්නේ ඔහුගේ රහස මේ පොතේ කොහොම හරි සගවලා ලියවිලා ඇති. කොහොම නමුත් එය කරන හැටි ඉගෙන ගත් විට එය එතරම් දෙයක් නොවන බව තේරේවි යැයිද  එඩ්වර්ඩ් පවසා තිබෙනවා. ඔහුගේ මරණයෙන් පස්සේ මේ උද්‍යාණයේ ඔහු වැඩ සදහා භාවිතා කරපු ගොඩක් උපකරණ අතුරදහන් වුනා. ඔහු සමහර විට ඒවා කලින්ම සගවන්න ඇති. නමුත් ඉතිරි වුනු සමහර සක්ෂි තිබෙනවා.

මේ රූපයේ දැක්වෙන උපකරණය යූ හැඩයේ චුම්භක 24 කින් සමන්විත වෙන කැරකැවිය හැකි ආකාරයේ එකක්. නමුත් මේකෙත් සමහර කොටස් අතුරුදහන් . මේ උපකරණය ගැන වරක් එඩ්වර්ඩ් කිසිවකුට පවසා තිබුනේ රොකට් යානයක මුදුනේ මේ උපකරනය තැබුවොත් දවල් වන කොට ප්ලූටෝ ග්‍රහයා වෙත ගිහිල්ලා රෑ කෑමට ‍ගෙදර ඇවිල්ලා ඉන්න පුලුවන් කියලා. 
මේ එඩ්වර්ඩ් බර ඔසවන්න භාවිතා කරපු උපකරණය. මෙහි උඩ ඇති කලු පෙට්ටයකුත් ඉන් පහලට ආපු වයරයකුත් දැක් ගන්න පුලුවන් . නමුත් මේ කලු පෙට්ටියත් අතුරුදහන් වෙලා.  නමුත් මේ කරු තුන එඩ්වර්ඩ් මිනිසුන් නොමග යැවීමට හිතා මතා කල දෙයක් බවටත් කථා තිබෙනවා.


මෙම ලකුණ තේරුම් ගත් තැනැත්තාට විශ්වයේ රහස නිරාවරණය කර ගත හැකි බව එඩ්වර්ඩ් පවසා තිබෙනවා.

එඩ්වර්ඩ් ගේ මාගිගාවේ තැනක සදහන් කර ඇති මේ ඉලක්කම් පෙල විශ්වයේ රහස් වලට යතුර ලෙසද එඩ්වර්ඩ් දක්වා තිබෙනවා. එදා මෙදා තුර මෙය විසදීමට බොහෝ දෙනා උත්සාහා ගත්තත් අද වන තුරුත් කිසිවකු සමාර්ථ වුනේ නැහැ .මෙහි එක් ඉලක්කම් ‍කොටසකින් කින් ඔහු සිටි ප්‍රදේශයේ අක්ශාංෂ හා දේශාංෂ දැක්වෙන බව පැවසෙනවා.
කොහොම නමුත් අද ලෝකයේ ඇති බලශසක්ති ගැටලුවට අභ්‍යාවකාෂ තාක්ෂණයට මිනිසා වෙත විෂ්වයේ දොර පියන් හැර දීමට හැකියාව තිබුනු අති විශිෂ්ඨම රහසක් ඔහුත් සමගම පොලවට වැලලුනා. සමහර විට එදා මෙදා තුර විෂශිෂ්ඨම සොයා ගැනීම වන්නට ඇති. ඒ වගේම ඒ එදා මෙදා තුර ‍විද්‍යා ‍ලෝකයේ කිරුලු පලන් අයින්ස්ටයින් බොර් හයිසන්බර්ග් වැනි විද්‍යාඥයින් සිටින කාලයේදීමයි. ඔවුන් අහස පොලව ගැටලමින් අවකාශ කාලය වක්‍ර කරමින් ගුරුත්වය හා විද්‍යුතය එක් කිරමට නිදිමරණ කාලයේදීමයි. අනෙක් අතට සාමාන්‍ය මිනිසෙකු ලෙසින්.
කස්ට්ටිය මොකද මේ ගැන හිතන්නේ මේක බොරුවක් කියලාද නමුත් අන්තර් ජාලය පිරික්සන්න මේ සදහා සාක්ෂි දහස් ගණන් සොයා ගන්න පුලුවන් වේවි. සම්මුඛ සාකච්ඡා වීඩියෝ ඕනෑ තරම් දැක ගන්න පුලුවන් වේවි. තව විස්තරත් හොයා ගන්න පුලුවන් වේවි. මොකද කරන්න පුලුවන් මේ ගැන. සමීකරණ විසදමින් අවකාශ කාලය මගින් මෙය තේරුම් ගන්න උත්සාහ ගන්නවාද නැතිනම් කාන්දම් කෑලි ටිකක් ‍හොයා ගෙන පරීක්ෂණ කරන්න පටන් ගන්නවාද? අදටත් ලොව පුරා දහස් ගණනක් මෙය සොයා ගන්න පර්යේෂණ කරනවා. සමහර සමාගම් එඩ්වර්ඩ් මෙම උපකරණ ආකෘති හදමින් පරීක්ෂණකරනවා. අනික හොදින් මතක තියා ගන්න කාන්දම් එකිනෙක ආකර්ශණය වන්නේ ඇයිද කියන එකටවත් අද දක්වා නිවරදි පිළිතුරක් නැහැ. චුම්භක ක්ෂේත්‍ර? එකම දිශාවට චලනය වන ඉලෙක්ට්‍රෝණ? නමුත් ඇයි ආකර්ෂණය වන්නේ ?????
  මේ තියෙන්නේ එඩ්වර්ඩ්ගේ පොතේ ලින්ක් එක කියවලා බලන්න මොකුත් හොයා ගන්න පුලුවන්ද කියලා.

http://freeenergynews.com/Directory/Magnets/Leedskalnin/Magnetic-Current_Edward-Leedskalnin_51pp.pdf

‍ http://www.scribd.com/doc/242432/Ed-Leedskalnin-Magnetic-Current-Illustrated

අධිවේගී මාර්ගයේ ප‍්‍රථම රිය අනතුර!

අධිවේගී මාර්ගයේ ප‍්‍රථම රිය අනතුර කහතුඩුවෙන්.

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව ප‍්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද (28) පෙරවරු 7.15 ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කළේ. අධිවේගී මාර්ගයේ ගමන් කරමින් තිබූ වෑන් රථයක් වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනා හොරණ රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය ප‍්‍රකාශ කළේ. දක්‍ෂිණ අධිවේගී මාර්ගය ජනතාවට විවෘත කිරීමෙන් අනතුරුව සිදුවූ ප‍්‍රථම අනතුර ලෙසයි මෙය වාර්තා වන්නේ.


ශ්‍රී ලාංකික හාම්පුතා සොයා දින 3කින් 700km ක් ගමන් කළ බල්ලෙක්

තම ශ්‍රී ලාංකික හාම්පුතා සොයා දින තුනක් දුම්රිය දෙකකින් කිලෝමීටර 700ක් ගමන් කළ බල්ලෙක් අන්තිමේදී හාම්පුතා සොයා ගත්තේය.ප‍්‍රසන්න ප‍්‍රනාන්දු නම් හාම්පුතු හමුවන තුරු මේ බල්ලා කිසිම කෑමක් බීමක් ගත්තේ ද නැත.

බල්ලාගේ මේ වීර වික‍්‍රම කතාව ඉතාලියේ ඉල් මතීනෝ පුවත්පත ඇතුළු මාධ්‍ය රැසක පළවිය.

සුළු පරිමාණ වෙළද ව්‍යාපාරිකයකු වන ප‍්‍රසන්න ප‍්‍රනාන්දු ඉතාලියේ පාදොවා නගරයේ ජිවත් වෙයි. ඔහුගේ තනි නොතනියට සිටිනුයේ එලූ නැමැති සුරතල් බල්ලෙකි. ප‍්‍රසන්න වෙළදාම සඳහා යුරෝපය පුරාම එලූ ද ඔහු සමග යයි. ඒත් වැඩිපුරම ප‍්‍රසන්නගේ වෙළදාම ඉතාලියේ බොලොඤ්ඤා නගරය සමග බැඳී තිබේ.
ප‍්‍රසන්නත් එලූත් දුම්රියෙන් බොලොඤ්ඤා ගොස් සවස ගෙදර එති. පසුගිය දිනක බොලොඤ්ඤා නගරයේ අධික තදබදයක් පැවති අතර ප‍්‍රසන්නත් එලූත් මෙම තදබදය නිසා එකිනෙකාගෙන් වෙන්විය. පැය කිහිපයක් තිස්සේ නගරයේ සෑම තැනම තම සුරතලා සෙවූ ප‍්‍රසන්න අවසානයේදී පොලිස් පොතේ පැමිණිල්ලක් කැර ගෙදර පැමිණ තම සුරතලා සොයා ගැනීමට අන්තර් ජාලයේ පිහිට පැතීය.
වසර එකොලහක් මුලූල්ලේ තමා රැකබලා ගත් තම ස්වාමියා බොලොඤ්ඤා නගරය පුරාම සෙව් එලූද අවසානයේ තමාට හුරු පුරුදු දුම්රිය ස්ථානයට පැමිණ පුරුදු වේදිකාවෙන්ම තනිවම දුම්රියට ගොඩ වූයේ නැවත ගෙදර යෑම සඳහා විය යුතුය. එහෙත් ඒ වනවිට වේදිකාවට පැමිණ තිබුණේ රෝමය බලා යන ”යුරෝ ස්ටාර්” අධිවේගී දුම්රියයි. අසුනක් යටටවී තම ගමනාන්තයට ළගා වන තෙක් පැය හතරක් පුරා සිටි එලූ අවසානයේදී දුම්රියෙන් බැස ගියේ පාදොවා දුම්රිය ස්ථානය යැයි සිතමිනි.

ඒත් මේ තමාට හුරු පුරුදු වටපිටාව නොවන බව ඉක්මනින් වටහා ගැනීමට වූ එලූට හැකිවිය. නැවතත් දුම්රිය ස්ථානයට පමිණ තවත් දුම්රියකට ගොඩ විය. ඒත් මෙවරද එලූට වැරැුදිණි. පැය කිහිපයක දුම්රිය ගමනකින් පසු එලූ පැමිණ සිටියේ රිමිනි දුම්රිය පොළේය. කාත් කවුරුවත් නැතිව දුම්රිය ස්ථානයේ ඒ මේ අත යන බල්ලා දුටු ඉතාලි ජාතික කරුණාවන්ත කාන්තාවක් එලූ සමග මිත‍්‍රවිය. පසුව එලූ තම නිවසට රැුගෙන ගියාය. කෑම බීම දුන්න ද එලූ ඒ කිසිවක් දෙස නොබැලූවේය. කුමක් හෝ වේදනාවකින් බල්ලා සිටින බව දැනගත් කාන්තාවට දිනකට පසු අන්තර් ජාලය පරීක්ෂා කිරීමෙන් බල්ලා ගැන තොරතුරක් දැන ගැනීමට හැකිවිය. ඒ ඔස්සේ සියලූ විස්තර දැනගත් ඇය තම මෝටර් රථයෙන්ම රිමිනි සිට පාදෝවා නගරයට පැමිණ තමාට එලූ බාරදීමට තරම් කාරුණික වූ බව ප‍්‍රසන්න කියයි. කහ ඉර නැතිව පාර නොපනින මේ බල්ලා කහ, කොළ හා රතු එළි හොඳින් අඳුනයි.

සූර සරදියෙල්



උතුවන්කන්ද යනු මෙරට ප්‍රසිද්ධම කන්දකි. ඉංග්‍රීසි පාලන සමයේ දී උතුවන්කන්ද ඉංග්‍රිසීන්ව බියට හා තැති ගැන්මට ලක්‌ කළ බිම් කඩකි. උතුවන්කන්ද ජනතාව අතර මෙන්ම ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් අතර ප්‍රසිද්ධ වූයේ සරදියෙල් නිසාය. සරදියල් යනු එක අතකට අධිරාජ්‍යවාදීන්ට එරෙහිව සටන් කළ අපේ වීරයෙකි. තවකෙකු ඔහු මහා සොරකු ලෙස හංවඩු ගැසීමටද බැරි නැත. නමුත් මුළු රටම ඉංග්‍රීසීන් විසින් අල්ලා ගෙන තිබියදී ඉංග්‍රීසීන්ට එරෙහිව යමින් ශූර වීරකම් පා දුගී දුප්පතුන්ට සරණ වූ සරදියෙල් ශූරයෙකි. මේ රටේ ජනතාව සරදියෙල් සූර සරදියෙල් ලෙස හඳුන්වන්නේ එනිසාය.

සූර සරදියෙල් 1864 මැයි 07 වැනිදා එල්ලා මරාදමනු ලැබුවේ සුදු ජාතිකයන් විසිනි. ඒ ඇයි? සරදියෙල් කළ වරද කුමක්‌ද?

සූර සරදියෙල් මියගොස්‌ වසර එකසිය හතළිස්‌ පහක්‌ ගත වුණද ඔහු අදටත් අපට ජීවමාන චරිතයක්‌ බඳුය. සරදියෙල් එක අතකට නිසි ඇගයීමකට ලක්‌ නොවූ ජාතික වීරයෙකි. තවකෙකු සරදියෙල් මහ අපරාධකාරයකු සහ සොරකු ලෙස නම් කිරීමටද පුළුවන. නමුත් මේ අපූර්ව මිනිසා මීට වසර එකසිය පනහකට එහා යුගයක මහා බලසම්පන්න සුදු අධිරාජ්‍යවාදයට එරෙහිව කළ හපන්කම් සුළුකොට තැකිය නොහැකිය. සරදියෙල් යනු මේ රටේ දුප්පතාට ආදරේ කළ, අධිරාජ්‍යවදීන්ගේ යකඩ සපත්තුවට පෑගී තැලුණු ජනතාව වෙනුවෙන් සුරවිරුකම් පෑ අයකු බව අපේ තැකීමයි.

ෂර්වුඩ් කැලයේ සිටි රොබින්හූඩ් මෙන්ම උතුවන්කන්දේ සූර සරදියෙල්ද වීරයෙක්‌ය. මොවුන් සටන් කළේ දුප්පතා වෙනුවෙනි. අනිසි බලයට යටව තැලී පොඩි වී විඳවන ජනතාව වෙනුවෙනි.

මේ සටහන තැබෙන්නේ සරදියෙල් විසින් කළ ඒ සටන සිහිකිරීමට පමණක්‌ම නොවේ. නව යටත් විජිත කරණයන් ක්‍රියාත්මක මෙකල සූර සරදියෙල්ලා වැනි අභීත තරුණයන් දසදහස්‌ ගණනක්‌, ලක්‍ෂ ගණනක්‌ ජව කවනු වෙනුවෙනි. සූර සරදියෙල් පිළිබඳ ඇතැම් කතා, වාර්තා මත පදනම්ව මේ කෙටි සටහන තබන්නේ එනිසාය.

සරදියෙල් උපන්නේ 1832 වසරේය. සරදියෙල්ගේ සම්පූර්ණ නම "දීකිරි කෑවගේ සරදියෙල්ය. පියා කරත්ත කරුවෙකි. සුළු ව්‍යාපාරිකයෙකි. පියා නමින් දීකිරි කෑවගේ අදාසි අප්පුය. "පිඩෝහාමි" යනු සරදියෙල්ගේ මවය. සරදියෙල්ට සහෝදර සහෝදරියන් සිව් දෙනකු සිටි වගද ඉතිහාසයේ සඳහන්ය. මොවුහු පේදුරු, ගේබියෙල්, මර්තා සහ ඇන්ටනී නම් වූහ. සරදියල් පවුලේ වැඩිමලාය.

සරදියෙල්ගේ පියා වන අදාසි අප්පු හලාවත උපන්නෙකැයි සඳහන්ය. ඔහු සිය කරත්තයෙන් මහනුවරට යන්නේ උතුවන්කන්ද පිහිටි මාවනැල්ල, කොළඹ මහනුවර මාර්ගය ඔස්‌සේය. අදාසි අප්පුට, පිඩෝහාමි මුණ ගැසීමත් හරි අපූරු එකකි. මාවනැල්ල පිඩෝහාමිගේ උපන් ගමය. මාවනැල්ල යනු කරත්තකරුවන්ගේ ගිමන් නිවන මධ්‍යස්‌ථානයකි. යන එන ගමනේ පිඩෝහාමිත්, අදාසි අප්පුත් එක්‌ වන්නේ මඟුල් යෝජනාවකිනි.

කෙසේ හෝ සරදියෙල් උතුවන්කන්ද ආශ්‍රිත බිම්කඩේ මවත් සමග එකට ජීවත් වෙද්දී අදාසි අප්පු දරු තිදෙනකු සමග හලාවත පදිංචියට ගොස්‌ තිබේ. මාර්තා නම් වූ සරදියෙල්ගේ නැගණිය කුඩා කලම මියගොස්‌ ඇතැයි ද සඳහන්ය.

සරදියල් මුලින්ම අකුරු කර ඇත්තේ බෙලිගම්මන පන්සලෙනි. එතැනින් ඔහු ඉලුක්‌ගොඩ පන්සලට මාරු විය. ඒ පන්සල් අධ්‍යාපනය හදාරද්දී සරදියෙල්ට මොහම්මදා, සිරිමලා, සමාත් උක්‌කින්දා, මෝදර තැන්නේ හෙන්දා සහ නසරදීන් යන මිතුරන් මුණ ගැසිණි. පසු කාලයේදී සුදු අධිරාජ්‍යවාදීන්ට එරෙහිව අභීතව කළ සටන් වලට හා අපේ මිනිසුන්ගේ දහදිය මහන්සිය උරාබීව් සුදු අධිරාජ්‍යවාදී ගැති දොaහීන්ගේ වස්‌තුව පැහැරගෙන දුප්පතුන්ට බෙදාදුන් කණ්‌ඩායමට මේ පිරිසද එක්‌ වූහ. මම්මලේ මරික්‌කාල් යනු සරදියල්ගේ අවසානය ද දක්‌වා එකට සිටි මිතුරාය. සරදියෙල් කුඩා කල සිටම අයුක්‌තියට, අසාධාරණයට එරෙහි වූවෙකි. ඔහුගේ මිතුරා වූ මම්මලේ මරික්‌කාල් කොළඹ හමුදා බැරැක්‌කයකට බැඳී සේවය කරද්දී සරදියෙල්ගේ ඉල්ලී මත ගිනිඅවියක්‌ පන්නාගනු ලැබීය. එතැන් පටන් ඔහු දුප්පතාගේ හිතවතා වෙමින් අධිරාජ්‍යවාදීන් හා අධිරාජ්‍යවාදී ගැත්තන්ට එරෙහිව සටන් ඇරඹීය.

වරක්‌ සරදියෙල් සොල්දාදුවකු සමග ආරවුලක පැටලිණි. රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත සරදියෙල් අත්අඩංගුවට ගැනිණි. සිරගත කළ සරදියෙල් යකඩ කූරු නවා එළියට පැනගෙන තිබිණි. සරදියෙල්ගේ සුරකම් කටින් කට පැතිර ගියේ ඉන් පසුවය.

වරක්‌ කිසියම් වරදකට සරදියෙල් දඬුකඳක ගැසීමට පොලිසිය හා ගම්මුලාදෑනියකු ක්‍රියා කර ඇත. සරදියෙල් ඉන් සැලුණේ හෝ බියට පත්වූයේ නැත. සරදියෙල් ශූරයෙකි. ඔහු වටපිට බැලීය. ලණු පටක අත ගෑවිණි. ලණුව ළඟට කරගත් ඔහු සිය තියුණු ඇස දෙපසට විහිදුවේය. නියම ආයුධය ඇස ගැටිණි. සැනින් ලණු පටහි අදින ගැටයක්‌ ගැසූ සරදියෙල් මිදුලේ කොණක තිබූ යකඩ ඉන්නට වළල්ල දැමීය. පොලිසිය එනවිට සරදියල් දඬුකඳේ නැත. සරදියෙල් පැන ගොසිනි.

සරදියල් වරක්‌ අරණායක අරක්‌කු ගබඩාව කඩා දැමීය. එහි තිබූ සුද්දන්ගේ අරක්‌කු මෙන්ම වටිනා දෑ ලබාගෙන දුප්පතුන්ට බෙදා දුන්නේය. මොල්ලිගොඩ වලව්වටද හේ නිතර නිතර කඩා පැන වස්‌තුව ගෙන දුප්පතුන්ට බෙදාදී ඇත.

කොළඹ, මහනුවර මාර්ගය ඔස්‌සේ සුදු අධිරාජ්‍යවාදීන් බඩු බාහිරාදිය ගෙන යනවිට සරදියෙල්ගෙන් ඒවා බේරා ගැනීම ලෙහෙසි නොවිණි. පොලිසියටත්, පොලිසියේ ගිනි අවිවලටත් සරදියෙල් කිසි දිනක බිය වූයේ නැත. සුද්දන් අත තිබූ ගිනිඅවි පවා සරදියෙල් පැහැරගත් අවස්‌ථා බොහෝය. වරක්‌ සරදියෙල් රාත්‍රියේ කන්දඋඩරටට ගෙන යමින් තිබූ මුදල් තොගයක්‌ අතර මඟදී පැහැර ගත්තේය. පසුව බලන විට ඒ මුදල් වතු කම්කරුවන්ගේ වැටුප් ගෙවන මුදල්ය. සරදියෙල්ගේ හිත කඩා වැටිණි. ඔහු මුදල් ආපසු දී යන්නට ගියේය. සරදියෙල් දුප්පතුන්ට ආදරේ කළේ ඒ පරිද්දෙනි.

සරදියෙල් කිසිම කලක ස්‌ත්‍රීන්ට හිරිහැර, කරදර කළ අයකු ලෙස සැලකෙන්නේ නැත. ඔහුට පෙම්වතියක්‌ සිටි බව සඳහන්ය. විවාහයක්‌ හෝ ඔහුට දාව ඉපදුන දරුවන් පිළිබඳව වාර්තා ද නැත.

දිනක්‌ සරදියෙල් කරත්තයක්‌ දක්‌කා ගෙන එන බවට ගම් පුරා ප්‍රසිද්ධ විය. බොහෝ අය සිතුවේ සරදියෙල් වස්‌තු කොල්ලකෑමට එනවා ඇතැයි කියාය. ඇතැමෙකු වස්‌තුවත් රැගෙන කැලෑ වැදිණි. තවකෙකු වස්‌තූන් ගැන නොසිතා ජීවිතය බේරාගනු වස්‌ කැලෑ වැදිණි. මේ අතර එක්‌තරා ගැටයකු සරදියල්ට බියේ ළඟ තිබූ පොල් ගසකට බඩගා සැඟවෙන්නට උත්සාහ ගත්තේය. බිය වැඩි කමටම පය ලිස්‌සා ඒ ගැටයා, බිම වැටිණ, ගැටයාගේ මව විළාප තබන්නට වූවාය. සරදියෙල්ද ඒ විළාපය ඇසී ගමන නතර කර එතැනට ආවේය. "ඇයි අම්මේ. සරදියෙල් ඇසුවේ පුතෙකු මෙනි. විස්‌තරය කී පසු සරදියෙල් අම්මා අස්‌වසා ගහෙන් වැටී අතපය කැඩී සිටි දරුවාට කැඩුම් බිඳුම් වෙදකු සොයා බෙහෙත් කළේය. සරදියෙල් දුප්පත් කිසිවකුට හිරිහැර නොකළ මුත් එකල සුද්දන්ගේ බොරු ප්‍රචාර හා ඒවා තව තවත් ප්‍රචාරය කරන්නට සිටි සිංහල කළු සුද්දන් නිසා ඇතැමෙකු "සරදියල්" නමට බිය ක්‌ ගත්තේය.

සරදියල් අවසන් වරට අත්අඩංගුවට ගත්තේ 1864 මාර්තු 21 වැනිදාය. එදා මහනුවර පොලිසියේ සාජන්ට්‌ මාගාට්‌ සහ කොස්‌තාපල් සභාන් උතුවන්කන්ද දෙසට ගියේ ගිනිඅවි ඇතිවය. ඒ වන විටත් සරදියෙල් පිළිබඳ නිවැරැදි ඔත්තුවක්‌ දෙන්නකුට පවුම් සියයක ත්‍යාගයක්‌ දෙන බවට සුදු පාලනය නිවේදනය කර තිබිණි. මම්මලේ ඇතුළු සරදියෙල්ගේ සෙසු ගෝල පිරිස පිළිබඳ නිවැරැදි ඔත්තුවට තවත් පවුම් සියයක ත්‍යාගයක්‌ වෙන් කර තිබිණි. 1864 ජනවාරි 12 වැනිදා ගැසට්‌ නිවේදනයක්‌ මගින් මේ බව කියා තිබිණි.

කෙසේ හෝ මේ වන විටත් සරදියෙල් සමග කලක්‌ එකට සිටි උක්‌කුවා සහ සිරිමලා සරදියෙල් පිළිබඳ සුදු අධිරාජ්‍යයට ගතු කියන්නට ඉදිරිපත්ව සිටියහ. මේ කියන මාර්තු 21 වැනිදා සාජන්ට්‌ මගාට්‌ සහ කොස්‌තාපල් සභාන් වෙත ආ උක්‌කුවා කීවේ සරදියෙල් හා මම්මලේ දෙදෙනා කාදර්ගේ නිවසේ සිටින බවයි. මෙහෙයුම ඇරඹිණි. පොලිස්‌ නිලධාරීන් දෙපළ උක්‌කුවාත්, සිරිමලාත් පෙරටු කරගෙන කාදර්ගේ නිවස වැටලනු ලැබූහ.

සරදියෙල්ට හොඳ ඉවක්‌ තිබිණි. පොලිසිය වටලා ඇති බව දැනගත් සරදියෙල් එය තහවුරු කරගත්තේ යුද උපක්‍රමවලට අනුවය.

වැටලූ පොලිසියේ ඉදිරියෙන්ම සිටි සිරිමලා දුටු සරදියෙල්ට යක්‍ෂයා ආරූඪ විය.

"යකෝ මරන්ඩ තිබ්බේ තෝව. මරන්ඩ ඕන මිනිහ ඉන්දැද්දී අපි වෙන උන් සැක කළා" සරදියෙල් කෑ ගසා කීය. සිරිමලා සහ උක්‌කුවා පණ එපා කියා දුවද්aදී පොලිසිය වෙඩි තැබීය. සරදියෙල්ගේ ඉන පිටුපසට වෙඩි වැදුණි. ඔහු බිම වැටිණි. කොස්‌තාපල් සභාන් ඉදිරියට ගියේ සතුටිනි. ඒ සමගම ආ වෙඩි උණ්‌ඩය සභාන්ගේ ජීවිතයට වග කීවේය. එය මෙරට ඉතිහාසයේ ක්‍රියාන්විතයකදී පොලිස්‌ නිලධාරියකු මියගිය ප්‍රථම අවස්‌ථාව විය. ඒ වෙඩි උණ්‌ඩය ආවේ මම්මලේගේ තුවක්‌කුවෙනි. සාජන්ට්‌ මගාට්‌ගේ දෙපාමුල වැටුණු සභාන් කීවේ අපි ඉවරයි කියාය. නමුත් ඒ වන විටත් සරදියෙල් සිටියේ ලේ විලකය. අවසන අවශ්‍යව සිටි සරදියෙල් සහ මම්මලේ අත්අඩංගුවට පත්වූහ.

1864 අප්‍රේල් 14 වැනිදා නඩු විභාගය ආරම්භ කෙරිණි. පුද්ගලයන් විසි දෙදෙනකුට වැඩි පිරිසකගෙන් ප්‍රශ්න කෙරිණි. සාක්‍ෂිවලට කැඳවු පිරිසද දුසිමකට වැඩිය. අවසානයේ නඩු විභාගය අවසන් විය. නඩුව විමසන විටත් අධිකරණය තුළ සරදියෙල් හා මම්මලේ සිටියේ මාංචු පිටය. මාංචු ගලවා දමන ලෙස නඩුකාරතුමා කීවද ඒ මාංචු එකටම බද්ධ කර තිබිණි. පොලිස්‌ අත්අඩංගුවට ගත්පසු මහනුවර, බෝගම්බර සිරගෙදරට ගෙන එන සරදියෙල් බැලීමට ජනයා රැස්‌කකා පාර දෙපස උන්හ. මහනුවර වීදි දිගේ ජනයා කම්මුල්වලට අත තබා බලා උන්හ. සමහරකුගේ දෑස්‌ අගින් කඳුළු වැටිණ. මොහු හැඩිදැඩි දේහයකින් සහ රෞද්‍ර පෙනුමකින් යුත් අපරාධකරුවකු හෝ මිනීමරුවකු නොව අහිංසක පෙනුමැති හීන්දෑරී කොලුවකු නොවේ දැයි කිසිවකු කියන්නට විය.

නඩු තීන්දුව වූයේ මොවුන් දෙදෙනා එල්ලා මරාදැමීමය. මොවුන්ට එරෙහි පළමු වරද කොස්‌තාපල් සභාන් වෙඩි තබා මරා දැමීමය. 1864 මැයි 04 වැනිදා එල්ලා මරන දිනය තීරණය කළද එය 07 වැනිදාට කල් දැමිනි. මහනුවර ප්‍රදේශයේ ජනයා වැළ නොකැඩී බෝගම්බරට ආවේ 04 වැනිදා බදාදාය. ඇතැමෙකු කල් දැමූ දින තුනද බෝගම්බර අවටම ගෙවා දැම්මේ සරදියෙල්ට උපහාර දක්‌වනු පිණිසද? නොඑසේ නම් මේ මරණ දණ්‌ඩනයට විරෝධය පළකර දැයි හෙළි වී නැත. එකල අධිරාජ්‍යවාදීහු ඒ සියල්ල වළදමා කතෝලික ආගම ප්‍රචාරයට සරදියල්ගේ නම පවා ඈඳාගෙන ඇතැයි පොත පත පරිශීලනයේදී පෙනේ. මුදලට හා බලයට යටවන වත්මන් සමාජය පිළිබඳ සිතද්දී අධිරාජ්‍යවාදී යුගයේ දී අපේ මිනිස්‌ සමාජයේ අවස්‌ථාවාදීන්ගේ හැසිරීම සිතා ගැනීමට අපහසු නැත.

කෙසේ හෝ සරදියෙල් හා මම්මලේ එල්ලා මරනු ලැබීය. ඥාතීන් මළ සිරුරු ඉල්ලුවත් ඒවා නොදුන්නේ මේ වීරයන්ට, මරණින් පසු ගරු බුහුමන් කිරීමට ඇති ඉඩ කඩද අහුරමිනි. සරදියෙල්ගේ පරම්පරාව අදටත් අපේ රටේ ජීවත් වෙති. කඩුවෙල, නවගමුව ප්‍රදේශයේ සරදියල්ගේ පරපුරේ ඇත්තෝ අදටත් වෙසෙන බව කියවේ.

Author: ශිරාන් රණසිංහ

♥ ලස්සන කෙල්ලෙක් ♥

ලස්සන කෙල්ලෙක් දැක්කම
ඕනෙම කොල්ලෙක් ඒ කෙල්ල දිහා හැරිල බලනවා...
නැත්තන් ඌ කොල්ලෙක් නෙවෙයි.......
ඒත් ජීවිත කාලය පුරාවටම තමන්ගේම
කරගෙන, පපුවට තුරුලු කරගෙන, කියාගන්න බැරිතරමට ආදාරය කරන්න
හිතන්නේ එකම එක කෙල්ලෙක්ට විතරයි...
ඒත් තමන් ඒ කෙල්ලට කොච්චර ආදරෙයිද කියල කියන්න උන්ට තේරෙන්නේ නෑ..
ඒක කියන්නෙත් නෑ..කරුමෙට කියන්න දන්නෙත් නෑ...
ඒ කොල්ලන්ගේ හැටි. ගලක් වගේ හිතක් තියනවා වගේ පෙන්නුවට
ඕනම කොල්ලෙක්ගේ ඇස් දෙකට කඳුලක් ඉනුවොත් උනන්නේ... ඒ කෙල්ලේක් හින්ඳා විතරමයි... අවාසනාවට සමහර කෙල්ලන්ට එක තේරුම් ගන්න බෑ.

මේ කතාව ඇත්ත නේද මගේ ෆේස්බුක් යාලුවනේ ..?

ශ්‍රි ලාංකේය සුභාවිත ගීතය

අද මම ඉදිරිපත් කරන්නෙ සුනිල් එදිරිසිංහයන්ගේ නවතම සංයුක්ත තැටිය තුල අඩංගු වු පසුගිය කාලය තුල බෙහෙවින්ම ජනප්‍රිය වු ගීතයකි.මෙහි පද රචනය හා තනුව නිමවුයේ තරුණයන් දෙදෙනෙකි.60,70 දශකයේ සිංහල සරළ ගීතයෙ ස්වර්ණයමය දශකය වු අතර ඒය ඉනික්බිතව එය බිඳවැටුන බව නොරහසකි.අසිමිත ලෙස රුපවාහිනි හා ගුවන් නාලිකා ආරම්භ විමත් එව නිසි ප්‍රමිතියකට හසු නොවිමත්,විවෘත ආර්ථිකයෙ බලපෑමත් සමඟ ගීතය හා කලාව වානිජත්වයට ගොදුරු වීමත් ඊට ප්‍රධාන හේතු ලෙස දක්විය හැක.

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා

කලා වැව ලඟ ඉලුක් හෙවනේ
මැටි පලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

ඉසුරුමුණියෙ නුඹ තැනු
ඒ පෙම්බරිය කොතැනද කියා
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩයයි කියා

ගායනය-සුනිල් එදිරිසිංහ
පද රචනය-රජිව් වසන්ත වෙල්ගම
තනුව-දර්ශන රුවන් දිසානායක

මෙතරන රළු ගලකට බුදු ගුණය ආරෝපණය කීරිම බෙහෙවිම අසිරු කටයුක්තකි.මෙ තරම් සියුමැලිද යන්නෙන් රචකයා කියාපාන්නෙ එයයි.රචකයාට අවශ්‍ය වි ඇත්තේ එම දුෂ්කර කටයුක්ත සිදු කල කළාකරුවාගෙ ජීවිතයට එබි බැලිමයි.

මේ තරම් සියුමැලිද කළු ගල්
හිතන්නටවත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සියා


එදා මෙදතුර පහල වු කලාකරුවන්ගෙ ඛේදවාචකය මෙහි ගැබ්ව ඇත.රුවන් වැලි සෑය සමඟ ලියවෙන්නේ දුටු ගැමුනු රජතුමාගෙ නමයි.සිගිරිය සමඟ ලියවෙන්නෙ කාශ්‍යප රජුගෙ නමයි.එම ලෝපතල සුවිශිෂ්ට නිර්මාණ නිමකල කලාකරුවන්ගෙ නම කිසිවෙකු දන්නෙ නැත.එහෙත් මෙ කලාකරුවා අකම්පිත වු උපෙක්ෂාව ප්‍රගුණ කල පිරිසකි.ඔහු බලා සිටින්නෙ කලාවැවේ මැරෙන ඉපදෙන රළ දිහාය.ඔහු ඒ තුලි අනිත්‍ය මෙනෙහි කරනවා විය හැක.සැබැවින්ම ඔහු එම කලු ගලට ආරෝපනය කරන්නෙ ඔහු තම ජීවිත පරිඥනායෙන් ප්‍රගුණ කල එම ගුණයන් විය යුතුය.එම නිර්මාණය කිරිමෙදි පණ නඟින රිදුම් වේදනා පවා ඔහු උපෙක්ෂාවෙන් විඳ දරා ගනියි.

කලා වැව ලඟ ඉලුක් හෙවනේ
මැටි පලක පැදුරක් එලා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා

මෙහිදි රචකයා කල්පිතයක් ඉදිරිපත් කරයි.ඔහු කලාකරුවාගෙන් විමසන්නෙ ඉසුරුමුනියෙ ඔහු තැනු පෙම්බරිය කොහෙද යනුවෙනි.බොහො විට කලකරුවා අතින් නිමැවෙන්නෙ ඔහුගෙ හද තුල රැඳි නිමිතක් ඔස්සේ වී නිසා ඔහු එම ප්‍රශ්නය ඇසුවා විය හැක.නමුත් ඔහු ලබාදෙන පිලිතුරෙන් රචකයාට එම කලාකරුවා කෙරෙහි අනුකම්පාවක් ගොඩනංවයි.අනුන්ගෙ ආදර නෙලන ඔහු තවම තනිකඩයෙකි.නතිනම් ඔහුගෙ බිරිඳ ඔහුව හැර දමා ගොස් විය හැක.මුතු බෙල්ලෙක් තම වේදනාව මුතු බවට බවට පත් කරන ආකාරෙන් එම කලාකරුවා ඔහුගේ ජීවිතයෙ වේදනා නිර්මාණ බවට පත් කරයි.

ඉසුරුමුණියෙ නුඹ තැනු
ඒ පෙම්බරිය කොතැනද කියා
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩයයි කියා
මා ඇසු විට හිනැහුනා ඔහු
තවම තනිකඩයයි කියා


-ඉදිරිපත් කීරිම ලකිඳු අෂාන් පීරිස්

 

Sponsors

­

Featured Posts

Terms

­