
ආලෝක වර්ෂ කෝටි ගානක් දුරින් තියෙන චක්‍රවාට වල ආලෝකය රේඩියෝ ටෙලස්කෝප් වලින් ලබා ගත්තහම,ඒවායින් විශ්වය පෙන්නුම් කරන්නේ මහා පිපිරීමට කලින් ආදිතම අවස්ථාවේ විශ්වය තිබුණු විදියටයි.
අහසේ අපට පෙනෙන හැම දෙයක්ම අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනකට පෙර සිට ආව අන්තරීක්ෂ පාෂාණි භූතයක්. තාරකා විද්‍යාඥයෙකුට කරන්න පුළුවන් එකම දේ තමයි ,අතීතය ගැන අනාගත වාක්‍ය කීම .තරකාවලී වල තියෙන තාරකා වල ආලෝකය අපි වෙතට එන්න හුඟාක් කලින් ඒ තාරකා එකිනෙක වෙතින් ඈත් වෙලා.අවුරුදු දෙදාහකටත් ඉස්සර තාරකාවලී තිබුනේ ,ඒවා අපිට අද පෙන විධියට වඩා සෑහෙන්න වෙනස් විධියකටයි.
පැහැදිලි රාත්‍රී වලදී අපිට විශ්වයේ ඉතිහාසයේ ඈතට යන්න පුළුවන්.අවුරුදු කෝටි ප්‍රකෝටි ගණනක් යන කල් .ඉතින් එක විධියකට බලන කොට අපි ආපහු ගෙදර යනවා.අපි පටන් ගත්තේ මහා පිපිරීමෙන්.මොකද විශ්වයේ තියෙන ද්‍රව්‍ය සේරම ජීවී ඒකකයි.ආදීම කාලේ සේරම ද්‍රව්‍ය එක කුට්ටියක් ලෙස එකතු වෙලා තිබුනා.ඒක කොයි තරම් ඝනද කිව්වොත් අල්පෙනෙත්ති කුඩුම්බියක් තරම් තරම් එකක් ටොන් ප්‍රකෝටියක් විතර බරට තිබුනා.මේ 'ප්‍රාථමික පරමාණුව'ඉතාම විශාල ගුරුත්වයක් හේතුවෙන් පුපුරා ගියා.එතෙන්දි උනේ යමක් කඩ කඩ වී යාම වැනි දෙයක්
අහස දෙහා බලනකොට අපි උත්සාහ කරන්නේ අපේ මුල හෙවීමටයි.සේරම විශ්වයේ තියන සේරම තාරකායි චක්‍රාවාටයි හැදිලා තියෙන්නේ එකම ද්‍රව්‍යයෙන් .එකේ කොටස් එකතු වෙලා තියෙනවා ටිකක් අතන ,ටිකක් මෙතන , ඒක චක්රාවාටයකුයි ඊළඟ චක්රාවාටයි අතර ආලෝක වර්ෂ කෝටි ගානක් තියෙන්න පුළුවනි.එත් ඒ හැම එකකම තියෙන්නේ එකම ප්‍රභවය.සේරම තාරකායි, සේරම ග්‍රහලෝකයි අයිති එකම පවුලටයි.එත් මේ ලෞකික ද්‍රව්‍ය මොකක්ද ,අවුරුදු ප්‍රකෝටි ගානකට ඉස්සර පිපුරුවේ මොකක්ද, ඒක අපි හැමෝටම ඉතා ගැඹුරින් බලපාන ප්‍රශ්ණයක්.
මොකද අපි හැමෝමත් ඒ ද්‍රව්‍යයෙන්මයි හැදිලා තියෙන්නේ.අවුරුදු ප්‍රකෝටි ගණනකට කලින් හටගත් ඒ මහා විශාල ගින්නේ පුපුරක් තමයි අපි.
Deepak Liyanage විසින් පල කරන ලද http://www.facebook.com/groups/sciencelk/permalink/313374798687681 ලිපියෙනි.

